Thursday, February 4, 2016

අපේ වත් පිළිවෙත් සුරකින කෙම් පිළිවෙත්

අපේ වත් පිළිවෙත් සුරකින කෙම් පිළිවෙත්
  අපේ කෙම් ක්රම අපට උරුම වන්නේ අතීතයේ සිටය. පැරැණි කෙම් පිළිවෙත් නවීන සමාජයේ පැවැත්මටද බලවත් උපකාරයක් සපයයි.කෙම් පිළිවෙත්වලට මූලික වන්නා වූ හේතුකාරකයන් පිළිබඳ විමර්ශනය කිරීම වැදගත් වෙයි. යම් සිදුවීමකට හේතුව සොයා යෑම වැදගත්ය. එවිට වඩාත් නිවැරැදිව සත්යය අවබෝධ වෙයි.
අපේ කෙම් ක්රම අපට උරුම වන්නේ අතීතයේ සිටය. පැරැණි කෙම් පිළිවෙත් නවීන සමාජයේ පැවැත්මටද බලවත් උපකාරයක් සපයයි.
කෙම් පිළිවෙත්වලට මූලික වන්නා වූ හේතුකාරකයන් පිළිබඳ විමර්ශනය කිරීම වැදගත් වෙයි. යම් සිදුවීමකට හේතුව සොයා යෑම වැදගත්ය. එවිට වඩාත් නිවැරැදිව සත්යය අවබෝධ වෙයි.

කටේ හඬ, කටහඬ ලෙස හැඳින්වෙයි. කට බොරු කිව්වත් දිව බොරු නොකියයි යන්න කට පිළිබඳ ලාංකිකයන්ගේ යෙදුමකි.
කෙම් පිළිවෙත් කිරීමට සිදුවන දෝෂයන් ඇති කරවන බලය ඇත්තේ මිනිසා තුළය. එහි සමතයට බලයද ඇත්තේ මිනිසා තුළය.
දෝෂ දුරු කිරීමට, ඉදිරියේදී ඇතිවන දෝෂ දුරු කිරීමට කෙම් පිළිවෙත් ඇවැසි වෙයි. මිනිසාගේ සිතිවිලිවලට අනුගතව කට සහ ඇස ප්රධානව බොහෝ බලවත් දෝෂයන් ඇතිවෙයි. එම දෝෂයන් හඳුනා කෙම් පිළිවෙත් කිරීමෙන් දෝෂ දුරු කරගත හැකිය.

අතීත ගැමියා එදිනෙදා ජීවන රටාව තුළ ඇතිවන දෝෂයනට සරල වූ කෙම් පිළිවෙත් අනුගමනය කිරීමට සැදී පැහැදී සිටියේය. ජන ජීවිතයට ඉතා සමීප වූ මෙම පිළිවෙත්වල සැබෑ සත් සොයා යෑමට ගැමියාට අවශ්යතාවක් නොවීය. මන්දයත් කෙම් පිළිවෙත් තුළින් තම යහපත නිසැකවම උදා වූ බැවින්ය.
කෙම් පිළිවෙත් සත් අත්දැකීමෙන් තොරව සිදුවීම හෝ විකාශනයක් නැත. පරිණත අත්දැකීම් තුළින් දකින සත් කෙම් පිළිවෙත් අනුව වඩාත් සත්යම වීම එහි පැවැත්මට හේතුවක් විය. ඇස්වහ දෝෂය යනු ඇසින් දැකීම අනුව බලවත් වන දෝෂයක් නොවේ. යමක් දුටු පමණින් සිතේ පහළවන අයහපත් සිතිවිලි තරංගයන්ගේ දෝෂයයි. මෙම අරිටු සිතිවිලි දැකීමෙන් සහ සිතීමෙන් බලවත් වෙයි.

කටවහ යනු දැකීමෙන් බලවත් වන අයහපත් සිතිවිලි වචනයෙන් ප්රකාශ කිරීමේ දෝෂයයි.
නිතර නිතර කියැවීමෙන් ඇතිවන දෝෂය අඬෝවැඩියා දෝෂයයි. පැරැන්නෝ මෙම අඬෝවැඩියා දෝෂය කෙම් පිළිවෙත් තුළින් මර්දනය කළ යුතු විනාශකාරී දෝෂයක් ලෙස වටහාගෙන සිටියහ. මේ පිළිබඳ බොහෝ අර්ථ දැක්වීම් ඇත. පිළිගත් සමාජගත මතය ලෙස සඳහන්ව ඇත්තේ නිතර භාවිතයෙන් 'සිද්ධි' වී අයහපත් ප්රතිඵල උදාකරවන බවය.

නිතර භාවිත වන නැත යන අර්ථය මෙම දෝෂයට උදාහරණයක් ලෙස දැක්විය හැකිය. නිවෙසෙහි හෝ මුදල් පසුම්බියේ නිතර මුදල් නැත යන අර්ථය භාවිත කිරීම එය බලවත් වීම හෙවත් 'සිද්ධි' වීමට හේතුවකි. අඬෝවැඩියා දෝෂය නිර්මාණය වන්නේ එලෙසය. මෙවන් සියලු දෝෂයන් දුරු කිරීමට අතීත ගැමියා කෙම් පිළිවෙත් උපකාර කරගත්තේය. එහි සැඟවුණු සත්යයද ඉතා ප්රබලය. බලවත්ය. රසවත්ය. ඇතැම් විටෙක හාස්යජනකය. එහෙත් හාස්යයෙන් බැහැර කළ යුතු නොවේ.
වගාවේ කෘමි උවදුරු සඳහා අළු ඉසීමේ කෙම් පිළිවෙතද එලෙසය. උදෑසන නිරුවතින් කතාබහෙන් තොරව අළු ගෙන ගොස් වගාවට ඉසීමෙන් කෘමි සතුන් පලවා හැරෙයි. මෙහිදී උදෑසන ලෙස හඳුන්වා ඇත්තේ හිරු උදාවට බොහෝ පෙර අඳුරු කාලයයි. මිනිසකුට නිරුවතින් වගා භූමියට යෑමට හැකිවන්නේ අඳුරේදී පමණකි. හිරු උදාවෙන් ගහකොළයේ පින්න වියැකිව යයි.

රාත්රියට වගාව ගොදුරු කරගන්නා කෘමියා පින්න සහිත කොළයේ එල්ලී සිටියි. ඉසින ලද අළු පින්නට කොළයේ තැවරෙන අතර කෘමියාද විනාශ වෙයි. හිරු උදාවෙන් පසුවන කොළයේ තැවරී ඇති අළු ඉවත් නොවන අතර එය වගාවේ ආරක්ෂාවට හේතු වෙයි.
නිම කරමින් පවතින ගොඩනැඟිල්ලක පුහුල් එල්ලීමද දෝෂ දුරු කරලීමට කරනු ලබන කෙම් පිළිවෙතකි. පුහුල් යනු ගුප්තමය බලයක් ඇති ආකර්ෂණීය පලයක් ලෙස පිළිගැනීමක් ඇත.

පුහුල කොඩිවින කැපීමට භාවිත කරන නමුදු එය නිවෙසට එල්ලීමෙන් පමණක් ෙදාස් දුරු කිරීමක් සිදු නොවෙයි. දරුවකුගේ නළලත තබන තිලකයද ඇස්වහ දෝෂයට පිළියමකි. පුහුල් එල්ලීමද නිවෙස වෙත යොමුවන ඇස පුහුල වෙත යොමු කරවීමකි. ෙදාස් දුරුවන විශ්වාසය පමණක් මෙහිදී බලවත් වෙයි. පුහුලක් නිවෙස තුළ නොකැපීම සහ දික් අතට පමණක් කැපීම පෙර ගැමියාගේ සහජීවන දැක්ම විදහා දැකීමකි. විශාල පුහුල් ගෙඩියක් නිවෙසක පරිභෝජනයට වඩා වැඩිය. කල් තබා ගැනීමටද නොහැකිය. නිවෙසක පිටත පුහුල කැපීමේදී එය අසල්වැසියනටද ආරාධනාත්මක සංඥාවකි. දිගු අතට කැපීමෙන් පුහුලයේ මේරූ, නොමේරූ කොටස් සමව බෙදී යයි.

නිවෙසක ෙදාස් දුරු කිරීමට එල්ලීමට සුදුසු වන්නේ ගරායක් මුහුණකි. ගුප්ත විද්යාවේදී වස් ෙදාස්, කිලිකුණු ඉවත් කරන භූත බලවේගය ගරායකාය. නොගැළපෙන යක්ෂ මුහුණු එල්ලීම නිවෙසට අහිතකරය. කීල ගරායක්ෂ මුහුණ නිවෙසක එල්ලීම යහපත් බව අතීත විශ්වාසයයි. පුලුටු යක්ෂ කණ්ඩායමට අයත් නොවන ගරායකා ගරායක් නැටුමේදී බලවත් වන අතර එය ප්රබල වූ ශාන්තිකර්මයකි.

වසරකට වරක් පඹයකු තනා නිවෙස වටා ගෙන ගොස් පුලුස්සා දැමීම ආසියාතික රටවල් තුළ ෙදාස් දුරුකිරීමේ කෙම් පිළිවෙතකි.
විජය රජු කුවේණිය සහ දරුවන් පලවා හැර ක්ෂත්රිය වංශික කුමරියක සරණ පාවා ගැනීම කුවේණියගේ ශාපයට බඳුන් වීමකි. දිවි දෙනකගේ වේශයෙන් විජය රජු වෙත සිහිනෙන් දර්ශනය වීම පීඩාවක් විය. මෙම දිවි දෝෂය ශාන්තිකර්මයක් මඟින් දුරුකිරීමට භාරතීය බමුණන් සමත් විය.
එදා බමුණන් දිවි හිසක් විජය රජු පාමුල තබා කළ යාගය අද පහතරට ශාන්තිකර්මවලදී රෝගියාගේ දෙපතුල දිවිකදුරු පත් තබා ඇදුරන් විසින් සිදුකරනු ලබයි. අරිටු කිරණ, අරිටු ශබ්ද ආදියෙන් බලවත් වන වස්ෙදාස් සමනය කිරීමේ හැකියාව කෙම් පිළිවෙත් තුළ ඇත.

නොපෙනෙන ගුප්ත බලපෑම මිනිසාට, සත්ත්වයාට, ගහකොළයට කාලානුරූපව බලපෑම් ගෙනදෙයි. පැරැණි මිනිසුන් මෙම දෝෂ නිවාරණයට කෙම් පිළිවෙත් පහසු ප්රතිකර්ම ලෙස යොදා ගත්තේය. එහි සත් අත්දැකීමට අපට විමර්ශනය සහ භාවිතය මහත් උපකාරයක් වන බව කිව යුතුව ඇත.

c

No comments: